Facebook, YouTube, WhatsApp, Instagram, X, LinkedIn ඇතුළු තවත් සමාජ මාධ්‍ය ජාල ගණනාවක්, නේපාලයේ තහනම් කර තිබෙනවා.
විදෙස් වාර්තාවල දැක්වෙන්නේ අදාළ සමාජ මාධ්‍ය ජාල ආයතන, නේපාලයේ සන්නිවේදනය සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලියාපදිංචි වීමට අපොහොසත් වීම නිසා එරට රජය මෙම පියවර ගෙන ඇති බවයි.
නේපාලයේ විදුලි සංදේශ අධිකාරිය වෙත අදාළ අමාත්‍යාංශය නියෝග කර ඇත්තේ ඉහත සමාජ ජාලා වෙත පිවිසීම් අවහිර කරන ලෙසයි.
මෙම පියවර පැමිණ ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින්.
දේශීය හෝ විදේශීය වේවා සියලුම සමාජ ජාලා නිල වශයෙන් ලැයිස්තුගත කොට රජයේ ලියාපදිංචි විය යුතු බවට අධිකරණ නියෝගයේ දක්වා තිබෙනවා.
හානිකර සහ නීතිවිරෝධී පළකිරීම් වැළැක්වීම සඳහා නේපාල රජය විසින් සමාජ ජාල අධීක්ෂණයට පියවර ගෙන තිබුණා.
ඒ යටතේ ක්‍රියාත්මක වීමේදී මතුවු කරුණු හේතුවෙන් නීතිමය ක්‍රියාමාර්ගයකට යොමුවී ඇති අතර සමාජ ජාලවලට රජයේ ලියාපදිංචි වන ලෙස දන්වා තිබෙනවා. ඒ සඳහා ලබාදුන් කාලය පෙරේදායින් අවසන් වුණා.
TikTok, Viber ඇතුළු කිහිපයක් එදින ලියාපදිංචියට ඉල්ලා තිබෙනවා.
ලියාපදිංචි වූ වහාම යළි තහනම ඉවත් කිරීමටයි නේපාල රජය පියවර ගෙන ඇත්තේ.
නේපාල සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශ ප්‍රකාශකයකු පවසා ඇත්තේ මේ අනුව සමාජ ජාල 26ක් අද සිට නේපාලය තුළ තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි.