විටර්බෝ හි පැවති ආගමික උත්සවයකදී සැකකටයුතු ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට ඉතාලි පොලිසිය සමත් වුණා.
එහිදී මැෂින් තුවක්කුවක්, පිස්තෝල දෙකක් සහ පතොරම් සහිතව සන්නද්ධ තුර්කි ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රෝමයට කිලෝමීටර් 70 ක් පමණ උතුරින් පිහිටි නගරයේ පිහිටි බී ඇන්ඩ් බී එකක් වෙත ත්‍රස්ත විරෝධී පොලිසිය හදිසියේ කඩා වැදුණේ, සැක කටයුතු තුර්කි අමුත්තන් තිදෙනෙකු ගමන් මලු නොමැතිව පැමිණ ඇති බවට ලැබුණු තොරතුරක් හේතුවෙන්.
ඉතාලි ප්රවෘත්ති වාර්තාවලට අනුව, එම ස්ථානයේදීම පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, විමර්ශකයින්ගේ කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළා.
මෙම මෙහෙයුම සිදු වූයේ අඳුරේ නගරයේ වීදි හරහා පෙරහැරක් ඇතුළත් වන සියවස් ගණනාවක් පැරණි උත්සවයක් වන ෆෙස්ටා ඩි සැන්ටා රෝසා උත්සවයට පෙරයි.
නගරය මධ්‍යයේ පැවති මෙම උත්සවය නැරඹීමට ආසන්න වශයෙන් 40,000 ක් පමණ රැස්ව සිටියා.
එම පිරිස අතර ඉතාලියේ නියෝජ්‍ය අගමැති ඇන්ටෝනියෝ ටජානි, සංස්කෘතික අමාත්‍ය ඇලෙස්සැන්ඩ්‍රෝ ගියුලි සහ තවත් විවිධ සම්භාවනීය අමුත්තන් සිටි අතර, ඔවුන්ව පොලිසිය විසින් වහාම රැගෙන යාමට කටයුතු කර තිබුණා.
මෙම උත්සවයට ඊශ්‍රායල තානාපතිවරයා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ බව කොරියර් ඩෙලා සේරා වාර්තා කර නමුත් පසුව ආරක්ෂක පියවරක් ලෙස සහභාගී නොවන ලෙස ඔහුට උපදෙස් ලබා දී තිබෙනවා.