Latest News

ඇල්ල බස් රථ අනතුර: අතුරුදන් වූ කාන්තාවක් සොයා මෙහෙයුමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 23 සහ 24 යන කිලෝමීටර් කණු අතර ප්‍රදේශයේ දී ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් අනතුරින් බස් රථයේ සිටි තවත් කාන්තාවක් අතුරුදන්ව සිටින බව පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසනවා.

ඒ අනුව විපතට පත්වූවන් තවත් සිටිනවා දැයි සොයා අද (05) උදෑසනත් අනතුර සිදුවූ ස්ථානයේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

පොලිසිය සහ හමුදා සාමාජිකයින් එක්ව මෙම මෙහෙයුම් ආරම්භ කළා.

කේබල් ආධාරයෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් බස් රථයක වැටී ඇති ස්ථානයට ළඟා වී මෙම මෙහෙයුම්වල නිරත වන බවයි WESL News වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

විනෝද චාරිකාවක් ගොස් නැවත පැමිණීමෙන් සිටි තංගල්ල ප්‍රදේශයේ පිරිසක් රැගත් බස් රථයක් ඊයේ (04) රාත්‍රි 9.20 පමණ මර්ගයෙන් ඉවතට පැන අඩි 500ක් පමණ ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුව තිබුණා.

තංගල්ල නගර සභාවේ පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වුණේ.

මෙම අනතුරුන් පුද්ගලයින් 15 දෙනෙක් ජීවිතක්ෂය පත්වූ අතර, තංගල්ල නගර සභාවේ ලේකම්වරයා එහි සේවකයින් 12දෙනෙකු, ළමුන් දෙදෙනෙකු සහ බස් රථ රියදුරු වනවා.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් දියතලාව, බණ්ඩාරවෙල සහ බදුල්ල යන රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර තුවාල ලැබූ තුවාලකරුවන් බේරා ගැනිමට කඹ ආධාරයෙන් ප්‍රපාතයට බැසීමට ගිය යුද හමුදා නිළධාරින් දෙදෙනකු ලිස්සා ඇද වැටී තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව ඇල්ල පොලිසිය පවසනවා.

මින් එක් යුද හමුදා නිළධාරියකු නිවාඩු ලබා ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ නිවසට පැමිණ සිටියදි මෙම අනතුර සැලවී අනතුර සිදු වූ ස්ථානයට පැමිණ දියතලාව යුධ හමුදා කදවුරේ නිළධාරින් සමග එක්වී තුවාලකරුවන් බේරා ගැනිමට කඹවල ආධාරයෙන් ප්‍රපාතයට බැසීමට යාමේදී මෙසේ මොහු සමඟ තවත් යුධ හමුදා නිළධාරියකු මෙසේ ඇද වැටී තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

World News