Latest News

ඇල්ල බස් රථ අනතුර: මාරක බස් අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 23 සහ 24 යන කිලෝමීටර් කණු අතර ප්‍රදේශයේ දී ඊයේ (04) රාත්‍රියේ සිදු වූ විනෝද චාරිකාවක් ගිය පිරිසක් බස් රථයක් ප්‍රපාතයකට පෙරළී දරුණු අනතුරක් සිදු වුණා.

මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම පිරිස අතර බස් රථයේ රියදුරු ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් තවත් 16 දෙනෙක් තුවාල ලබා රෝගල්ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර පොලිසිට පවසන්නේ රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් පසුව ආපදාවට ලක්ව සිටි පුද්ගලයන් මුදාගැනීමේ මෙහෙයුම්වල සහාය වූ පුද්ගලයින් දෙදෙනෙක් ද තුවාල ලබා ඇති බවයි.

එම පුද්ගලයින් දෙදෙනා ද ප්‍රතිකාර සඳහා රෝගල් ගතකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඇල්ල ප්‍රදේශයේ සිට වැල්ලවාය දෙසට ධාවනය වූ බස් බස් රථය 23 සහ 24 යන කිලෝමීටර් කණු අතර ප්‍රදේශයේ දී ඉදිරියෙන් පැමිණි ජීප් රථයක සහ ආරක්‍ෂිත වැටේ ගැටීමෙන් ප්‍රපාතයට පෙරළී ඊයේ (04) රාත්‍රී 9.20ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.

මේ අතර අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ මෘත ශරීර දියතලාව, බණ්ඩාරවෙල සහ බදුල්ල යන රෝහල්වල තැන්පත් කර තිබෙනවා.

World News

Send your contact Details Today