Latest News

විදේශයන්හිදී ආපදාවන්ට ලක්වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් කරන්න යන දේ

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

“කිසිවෙක් අධ්‍යාපනයෙන් මඟ නොහැරීම” යන සංකල්පය පෙරදැරි කර ගනිමින් ආපදාවලට මුහුණදෙන විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය දිරිගැන්වීම සඳහා ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති අරමුදල, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

විදේශගත සහ විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් උදෙසා ජනාධිපති අරමුදලේ සේවා ව්‍යාප්ත කිරීම පිළිබඳ සාකච්ඡාවක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්, ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (03) පැවැත්වුණා.

විදේශ රටවලදී මිය යන, ආපදාවලට ලක්වන, සිරගත වන හෝ අතුරුදහන් වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ මෙරට සිටින දරුවන්ගේ පාසල් අධ්‍යාපනය මෙන්ම, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සුරක්ෂිත කිරීම මෙම වැඩපිළිවෙළ මඟින් අපේක්ෂා කෙරෙනවා.

එසේම, විදේශගත වීමට සිටින තරුණ තරුණියන්හට විදේශ භාෂා හැදෑරීම සඳහා මූල්‍යාධාර ලබා දීම, භාෂා පුහුණු පාසල්වල සම්පත්දායකයින් වෙත මාසික දීමනාවක් ලබා දීම, විදේශ රැකියා සඳහා අවශ්‍ය වන නිපුණතා වර්ධනය සඳහා ග්‍රාමීය තරුණ තරුණියන්හට මූල්‍යාධාර ලබා දීම සහ ග්‍රාමීය ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සංචාරක කර්මාන්තයෙහි නියැළෙන නිපුණතා ශ්‍රමිකයින් බිහි කිරීම ආදිය මෙම වැඩපිළිවෙළෙහි අරමුණු වනවා.

World News

Send your contact Details Today