දැඩි මානසික අවපීඩනය නිසා තමන්ට ගුවන් ගමන් නුසුදුසු බවට තර්ක කළ ශ්‍රී ලාංකික මවක් එක්සත් රාජධානියේ තම සරණාගත ඉල්ලීම නැවත විභාග කිරීමට ඉදිරිපත් කළ අභියාචනය ජයග්‍රහණය කර තිබෙනවා.
2021 දී එක්සත් රාජධානියට ඇතුළු වී ඇති මෙම කාන්තාව කියා සිටියේ තම පවුලට කොටි සංවිධානය සමඟ ඇති සබඳතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ පීඩාවන්ට මුහුණ දුන් බවයි.
තමා පිටුවහල් කළහොත් නැවත මව්බිමට ගිය පසු අත්අඩංගුවට ගනු ඇතැයි බිය වන බවත්, තම මානසික සෞඛ්‍යය සහ පීඩාවන්ට ඇති බිය නැවත සමාජගත වීමට ‘සැළකිව යුතු බාධක’ ඇති කරන බවත් ඇය විනිශ්චය සභාවට පවසා තිබෙනවා.
පළමු පෙළ විනිශ්චය සභාවක් ඇගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින්, ඇගේ විශ්වසනීයත්වය ප්‍රශ්න කරමින් සහ ඇගේ දියණියන් හතර දෙනාගෙන් එක් අයෙකු විසින් ඇයව නැවත රැගෙන යා හැකි බව යෝජනා කළා.
කෙසේවෙතත්, ඇයට නැවත නැවත මතුවන මානසික අවපීඩන ආබාධයක් ඇති බව හඳුනාගෙන දැඩි කාංසාව සහ සියදිවි නසාගැනීමේ අවදානම ගැන සඳහන් වුණු මනෝචිකිත්සක වාර්තාවක් ඇය සිය අභියාචනයට ඉදිරිපත් කර තිබුණා.
වෛද්‍ය සාක්ෂි නිසි ලෙස සළකා බැලීමට අපොහොසත් වීමෙන් පහළ විනිශ්චය සභාව වරදක් කළ බව ඉහළ නියෝජ්‍ය විනිශ්චය සභා විනිසුරු හරියා තීන්දු කළා.
ඒ අනුව නඩුව සම්පූර්ණයෙන්ම නැවත විභාග කෙරෙනු ඇති.