Latest News

Hyundai මෝටර් රථ මාදිලියක් නැවත කැඳවයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Hyundai ආයතනය විසින් 2020 සහ 2021 කාලය තුළ නිෂ්පාදනය කරන ලද i30 PD මෝටර් රථ 18,000කට අධික සංඛ්‍යාවක් ඔස්ට්‍රේලියාවේ ආපසු කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ ඉන්ධන පම්ප් එකෙහි නිෂ්පාදන දෝෂයක් ඊට හේතුව බවයි සමාගම පෙන්වා දෙන්නේ.

Fuel Pump Impeller එක විශේෂ පරිසර තත්ත්වයන්හිදී විකෘති විය හැකි අතර, එය ඉන්ධන සැපයුම බාධා කිරීමට හා එන්ජිම නවත්වීමට හේතු විය හැකි බැවින් එවැනි අවස්ථාවකදී මෝටර් රථයේ සිටින්නන් හෝ මාර්ග භාවිතා කරන්නන්ට අනතුරු සිදුවීමේ අවදානම ඉහළ බව Hyundai සමාගම පවසනවා.

ඒ් අනුව Hyundai Australia විසින් අදාළ මෝටර් රථ හිමියන්ට ලිඛිතව දැනුම් දෙනු ලබන්නේ ඉන්ධන පම්ප් impeller එක පරීක්ෂා කර නොමිලේ (free of charge) අලුත් කොටස් යාවත්කාලීන කරගන්නා ලෙසයි.

ආපසු කැඳවා ඇති මෝටර් රථවල Vehicle Identification Number (VIN) ලැයිස්තුව ඔස්ට්‍රේලියාවේ Department of Transport වෙබ් අඩවියේ පල කර තිබෙනවා.

එමෙන්ම වැඩිදුර තොරතුරු සඳහා Hyundai Customer Care: 1800 186 306 අංකයට ඇමතීමෙන් ලබාගත හැකි වනවා.

World News

Send your contact Details Today