Latest News

මධ්‍යම අධිවේගයේ සිදු වූ බිහිසුණු අනතුර (PHOTOS)

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊයේ (02) රාත්‍රීයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ලොරි රථයක් සහ බව්සරයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

කුරුණෑගල දෙසසිට මීරිගම දෙසට ධාවනය වෙමින් තිබු ඉන්ධන රැගත් බවුසර් රථයක් හා ඊට පිටුපසින් එම දිශාවටම ගමන් ගත් පිටි පැටවු කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුණේ.

බවුසර් රථය කන්ටේනර් රථයේ ගැටී අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටට හානි සිදුකරමින් මාර්ගයේ පහලින් ගමන් ගන්නා ඇළ මාර්ගයට වැටී තිබෙනවා.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ බවුසරයේ සහයකයා සහ රියදුරු ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

මිය ගිය පුද්ගලයින් යාපහුව සහ රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවන්.

එමෙන්ම තුවාල ලැබූ තවත් අයෙකු තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි ⁣පොලිසිය පැවසුවේ.

PHOTOS COURTESY: Accident First

World News

Send your contact Details Today