අධි රුධිර පීඩනය ඕස්ට්‍රේලියානු වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට පමණ බලපාන අතර හෘද රෝග සහ ආඝාතය වැනි බරපතල සෞඛ්‍ය ගැටළු සඳහා සැලකිය යුතු අවදානම්වල ප්‍රධාන සාධකයක් ලෙස High Blood Pressure හැඳින්වෙනවා.
ලෝකයේ පොදු සෞඛ්‍ය ගැටලුවක් වන අධි රුධිර පීඩනයට සාර්ථක ප්‍රතිකාරයක් සොයාගැනීමට දැන් විද්‍යාඥයින් පිරිසක් සමත්වී තිබෙනවා.
අධි රුධිර පීඩනය සාමාන්‍යෙයන් පැහැදිලි රෝග ලක්ෂණ නොපෙන්වන අතර එය හෘදය, වකුගඩු හා රුධිර නාලවලට ද දැඩි හානි සිදුකරනවා.
අධි රුධිර පීඩනය සඳහා වෛද්‍යවරුන් සාමාන්‍යෙයන් ලුණු අඩුවෙන් ආහාරයට ගැනීම, වැඩිපුර ව්‍යායාම කිරීම හා ඖෂධ ගැනීම වැනි ජීවන රටා නිර්දේශ කරනු ලබනවා.
කෙසේවෙතත් මේ වනවිට අධි රුධිර පීඩනය බොහෝදෙනා අතර ඉතා ඉහළ මට්ටමක පවතින අතර ඒ සඳහා නව ආකාරයේ ශරීර ස්කෑන් පරීක්ෂණයක් විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගනු ලැබුවා.
ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලය සහ තවත් ආයතන කිහිපයක පර්යේෂකයන් පිරිසක් විසිනුයි හෝමෝන ග්‍රන්ථිවල කුඩා ගැටිති සොයා ගන්නා විශේෂ ස්කෑන් පරීක්ෂණයක් සංවර්ධනය කර ඇත්තේ.
මෙම ගැටිති ඇල්ඩොස්ටෙරෝන් (aldosterone) නම් හෝමෝනය ඕනෑවට වඩා නිපදවන අතර එය රුධිර පීඩනය වැඩි කරනු ලබනවා.
මෙම ගැටිති ඉතා සුලභ වන අතර අධි රුධිර පීඩනය ඇති පුද්ගලයින් 20 දෙනෙකුගෙන් 1 අයෙකුට පමණ ඒවා තිබිය හැකි බවයි පර්යේෂකයින් පවසන්නේ.
කෙසේවෙතත් නව ස්කෑන් පරීක්ෂණයේදී හානිකර ගැටිති වලට පමණක් ඇලී සිටින විශේෂ ඩයි වර්ගයක් භාවිතා කරනු ලබනවා.
ඒවා ශරීරය තුළට ගිය පසු, ඩයි මගින් ගැටිති ආලෝකමත් කරන අතර ඒවා දැකීමට පහසු වීම මඟින් ශල්‍යකර්මයක් හරහා ඒවා ආරක්ෂිතව ඉවත් කළ හැකි බවයි විද්‍යාඥයින් කියාසිටියේ.
මෙම ස්කෑන් පරීක්ෂණය වේගවත් මෙන්ම වේදනා රහිත වීමද විශේෂත්වයක්.
මෙම නව සොයාගැනීමත් සමග පුද්ගලයින්ට තවදුරටත් රුධිර පීඩන පෙති ලබාගැනීමට අවශ්‍ය නොවන බවයි විශේෂඥයින් පෙන්වාදෙන්නේ.
එමෙන්ම මෙම නව ස්කෑන් පරීක්ෂණය මගින් අධි රුධිර පීඩනයට නිශ්චිත හේතුව හඳුනාගෙන එයට සෘජුවම ප්‍රතිකාර කිරීමට දැන් හැකියාව පවතිනවා.
අධ්‍යයනයෙන් හෙළි වූයේ ප්‍රතිකාර කිරීමෙන් පසු රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත් වූ රෝගීන් 24 දෙනෙකුගෙන් 18 දෙනෙකු ස්කෑන් සහ මුත්‍රා පරීක්ෂණය මගින් ඖෂධ ගැනීම නැවැත්විය හැකි පුද්ගලයින් ලෙස නිවැරදිව හඳුනාගෙන ඇති බවයි.