බටහිර සුඩානයේ මාර්රා කඳුකර ප්‍රදේශයේ ගම්මානයක සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 1,000 කට අධික පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වනවා.
මෙම නායයෑමකින් දිවිගලවා ගැනීමට හැකිව ඇත්තේ එක පුද්ගලයෙකු පමණක් බවයි වාර්තා වන්නේ.
දින ගණනක් ඇද හැලුණු අධික වර්ෂාවෙන් පසු පසුගිය 31 වන දින මෙම නායයෑම සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
නායයෑමෙන් මියගොස් ඇති පුද්ගලයින්ගේ මළ සිරුරු සොයා ගැනීමට උදව් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ ජාත්‍යන්තර ආධාර ආයතනවලට සුඩාන ඉල්ලිම්කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.