Latest News

ඇෆ්ගනිස්ථානය සෙළවෙයි – ජිවිත හානි සහ 100 කට වැඩි පිරිසකට තුවාල

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපකයේ 6.0ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.

මෙම භූකම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මින් තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර ඇෆ්ගනිස්ථාන බලධාරීන් පවසන්නේ තවත් විශාලක පිරිසක් සුන්බුන් අතර සිර වී සිටින බවයි.

ඒ, අනුව මරණ සංඛ්‍යාව තවත් දුරටටත් ඉහළ යා හැකි බවයි ඇෆ්ගනිස්ථාන වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර භූමිකම්පාවෙන් සිදු වූ හානිය බොහෝමයක් කුනාර් පළාතේ දක්නට ලැබෙන අතර, එහි භූමි ප්‍රමාණයෙන් 90% ක් පමණ කඳුකර භූමි බවයි වාර්තා වන්නේ.

භූමිකම්පාවෙන් පීඩාවට පත් ප්‍රදේශවලට යන මාර්ග ඉතා පටුවීමත් ඒවායින් බොහොමයක් භූමිකම්පාවෙන් ඇති වූ නායයෑම් හේතුවෙන් අවහිර වී තිබෙනවා.

මේ හේතුවෙන් මුදා ගැනීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම ගලවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ තලේබාන් ආරක්ෂක නිලධාරීන් පැවසුවේ ගම්මාන කිහිපයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් “සිය ගණනක් මිනිසුන්” මිය ගොස් සහ තුවාල ලබා ඇති බවට විශ්වාස කරන බවයි.

World News