Latest News

යුක්‍රේනයේ හිටපු නායකයෙකු ඝාතනයට ලක්වෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේන පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙකු වූ ඇන්ඩ්‍රි පරුබියි වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

කුරියර්වරයෙකු ලෙස සැරසී සිටි පුද්ගලයෙකු විසිනුයි මොහුට වෙඩි තබා ඇත්තේ. ‍

ඝාතකයා සොයා මේ වන විට විශේෂ විමර්ෂනයක් ආරම්භ කර තිබෙනවා.

අවශ්‍ය සියලු බලය මේ සඳහා යොදවා ඇති බවයි යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

මෙය බිහිසුණු මිනීමැරුමක් බව ඔහු පවසනවා.

හිටපු කතානායකවරයා යුක්‍රේනයේ ජාතික ආරක්ෂක සහ ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා ලෙසද සිටි අයෙක්.

ජීවිතක්ෂයට පත්වන විටත් වත්මන් පාර්ලිමේන්තුවේ නීති සම්පාදකයෙකු ලෙසත් ඔහු කටයුතු කර තිබෙනවා.

World News