Latest News

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු, තනතුරින් ඉවත් වෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 IPL තරගාවලියට පෙර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරින් රාහුල් ඩ්‍රාවිඩ් ඉවත්වන බව නිවේදනය කර තිබෙනවා.

වසර ගණනාවක් රාජකීය කණ්ඩායමේ ගමනේ ප්‍රධාන චරිතයක් වූ ඩ්‍රාවිඩ්, ක්‍රීඩක පරම්පරාවක් හැඩගැස්වීම, සංචිතය තුළ ශක්තිමත් වටිනාකම් ඇති කිරීම සහ කණ්ඩායමේ සංස්කෘතියට කල් පවතින බලපෑමක් ඇති කිරීම යන ගෞරවය රාහුල් ඩ්‍රාවිඩ්ට හිමිවන බවයි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ.

රාජස්ථාන් රෝයල්ස්, එහි ක්‍රීඩකයින් සහ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත රසිකයින් රාහුල්ට ෆ්‍රැන්චයිස් සඳහා කළ විශිෂ්ට සේවය වෙනුවෙන් හෘදයාංගම ස්තූතිය පුද කරන බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

2024 සැප්තැම්බර් මාසයේදී බහු අවුරුදු කොන්ත්‍රාත්තුවක් මත රාහුල් රාජස්ථාන් රෝයල්ස් ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරන ලද අතර, ඔහු IPL 2025 ව්‍යාපාරය අධීක්ෂණය කළේ පාදයේ ඇතිව තිබූ ආබාධයත් සමඟින්.

2025 අයි.පි.එල් තරගවාරයේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම 09 වන ස්ථානයේ සිට තරගාවලිය අවසන් කළා.

World News