Latest News

විශේෂ දෙයක් සඳහා අමෙරිකාවෙන්, පලස්තීනයට සීමා

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට පෙර, පලස්තීන විමුක්ති සංවිධානයේ (PLO) සහ පලස්තීන අධිකාරියේ (PA) සාමාජිකයින් 80 දෙනෙකුගේ වීසා ප්‍රතික්ෂේප කිරීම සහ අවලංගු කිරීමට එක්සත් ජනපදය ක්‍රියාකර තිබෙනවා.

පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් ද මෙම සීමාවන්ට ඇතුළත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට දේශනයක් පැවැත්වීම සඳහා අබ්බාස් නිව්යෝර්ක් බලා යාමටයි සැලසුම් කර ඇත්තේ.

වීසා තීරණය ගැන තමන් මවිතයට පත් වූ බවත්, එය එක්සත් ජාතීන්ගේ “මූලස්ථාන ගිවිසුම” උල්ලංඝනය කළ බවත්, අබ්බාස්ගේ කාර්යාලය පවසා තිබෙනවා.

නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සත්කාරකත්වය දරන රටවල් ලෙස ඇති කරගත් ගිවිසුමකට අනුව, මහා සභා රැස්වීම සඳහා යන නිලධාරීන්ට වීසා ප්‍රතික්ෂේප කිරීමට අමෙරිකා එක්සත් ජනපදය බැඳී නොසිටිය යුතු නමුත්, රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ පලස්තීන දූත පිරිසට සහභාගී වීමට ඉඩ දීමෙන් ගිවිසුමට අනුකූල වන බවයි.

World News

Send your contact Details Today