Latest News

යානයක් කඩා වැටීම නිසා ගුවන් සංදර්ශනයක් අවලංගු කරයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පෝලන්ත ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් පුහුණු පියාසැරියක් අතරවාරයේදී කඩාවැටීමෙන් එහි නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ අනතුරට පත්ව කඩාවැටී ගිනිගන්නා ලද්දේ F-16 ප්‍රහාරක යානයක්.

මෙම අනතුර සිදුවුණේ මධ්‍යම පෝලන්තයේ රේඩම්හිදී බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර බැරල් රෝල් පියාසර උපමාරුව පුහුණුවන අතරතුරදී සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ පෝලන්ත රේඩම් ගුවන් සංදර්ශනය-2025 පැවැත්වීම අත්හිටුවා ඇති බව සඳහන්.

World News

Send your contact Details Today