Latest News

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ හිස් වැසුමක් අමෙරිකානු ඩොලර් 286,700කට අලෙවි වෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

1946 – 1947 අළු බඳුන තරගාවලියේදී ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින් පැළඳ සිටි තොප්පියක් ඕස්ට්‍රේලියානු ජාතික කෞතුකාගාරය විසින් ඕස්ට්‍රේලියානු ඩොලර් 438,500 කට (ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් 286,700 / රුපියල් ලක්ෂ 860කට) මිලදී ගෙන තිබෙනවා.

මෙම කොළ පැහැති තොප්පිය කැන්බරා කෞතුකාගාරය විසින් අත්පත් කර ගන්නා ලද අතර, එහි වියදමෙන් අඩක් ෆෙඩරල් රජය විසින් දදරා තිබුණා.

දෙවන ලෝක යුද්ධයෙන් පසු එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කළ පළමු අවස්ථාව වූ 1946-47 තරඟාවලියේදී ඕස්ට්‍රේලියාව කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ බ්‍රැඩ්මන් විසින් වන අතර එම තරගාවලියේදි‍ බ්‍රැඩ්මන් මෙම තොප්පිය පැළඳ සිටියා.

මෙම තරගාවලිය ඕස්ට්‍රේලියාව3-0 ලෙස ජයග්‍රහණය කළා.

World News