Latest News

Car Wash එකකදී තම සුනඛයාට අමානුෂික වැඩක් කළ පුද්ගලයෙකුට වැඩ වරදී

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ටියුරින් සහ මිලාන් අතර බියෙල්ලා ප්‍රදේශයේදී පැවති Car Wash එකකදී තම සුනඛයා සේදූ 57 හැවිරිදි පුද්ගලයෙකු ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගැට ගසා සිටි කුඩා සුනඛයාට ක්‍රියාකාරී පෙන වලින් සබන් ගා අධි පීඩන හෝස් එකකින් සේදීම වීඩියෝවක දැක්වෙන බවයි පොලිසිය පැවසුවේ.

එය “සතෙකුට කුරිරු හා පිළිගත නොහැකි සැළකීමක්” ලෙසයි පොලිසිය සඳහන් කළේ.

මයික්‍රොචිප් කරන ලද සුනඛයා සෞඛ්‍ය පරීක්ෂාවකට භාජනය වූ අතර, වාසනාවකට මෙන්, හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටින බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today