Latest News

කාන්තා එක් දින ලෝක කුසලාන තරගාවලියට සංශෝධනයක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලානයේ සංශෝධිත තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ගැටලුවක් ඇතිව තිබූ බැංගලෝර්හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය ඉන් ඉවත්කර මුම්බායි හි DY පටිල් ක්‍රීඩාංගණයේ පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකාව හා ඉන්දියාවට අමතරව ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, නවසීලන්තය, පාකිස්තානය හා දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් අතර මෙවර තරගාවලිය පැවැත්වෙනවා.

මූලික වටයේදී සෑම රටක්ම සෙසු රටවල් සමගින් තරගවදින අතර, එහිදී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 4ට අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව තිබෙනවා.

තරගාවලිය සැප්තැම්බර් 30වනදා ආරම්භ වන අතර, තරග ආරම්භ කරමින් පළමු තරගය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගුවහාතිහිදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර ඉන්දු – පාකිස්තාන දේශපාලන අර්බුදය හේතුවෙන් පාකිස්තානය ක්‍රීඩාකරන සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ අවසන් පූර්ව තරග ඔක්තෝබර් 29 හා 30 දිනවලදී ද, අවසන් මහා තරගය නොවැම්බර් 2 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙහි කුමන හෝ අදියරට පාකිස්තානය සුදුසුකම් ලබා සිටියහොත්, එම සියලුම තරග කොළඹදී පැවැත්වෙන බවයි ICCය දන්වා සිටින්නේ.

World News