අමෙරිකාවේ කැලිෆෝනියාවේ 16 හැවිරිදි ළමයෙකුගේ මරණයට ChatGPT හේතු වූ බවට චෝදනා කරමින් OpenAI සමාගමට එරෙහිව නඩුවක් ගොණු වී තිබෙනවා.
ඒ අනුව OpenAI සහ සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී සැම් ඇල්ට්මන්ට එරෙහිව මෙම නඩුව ගොණු වී ඇත්තේ.
තම ජීවිතය හානි කරගත් දරුවාගේ දෙමාපියන් පෙන්වා දෙන්නේ ChatGPT භාවිතය ඔහුගේ මරණයට හේතුව බවයි.
ChatGPT මඟින් ඔහුට Suicide ක්‍රම සහිත උපදෙස් ලබාදී ඇති අතර Suicide කර ගැනීමට උදව් කර ඇති බවද ඔවුන් පවසනවා.
Suicide කර ගත් තරුණයාට ඔහුගේ මිතුරන් සහ පවුලේ සාමාජිකයන් සමඟ ඇති සම්බන්ධතාවයන් විකෘති කර ඇති අතර AI සම්බන්ධතාවයට වඩා බලවත් බව පෙන්වා ඇතැයි තරුණයාගේ දෙමාපියන් පැමිණිල්ලෙහි සදහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් OpenAI කණගාටුව පළ කර ඇති අතර OpenAI ඇප් එකෙහි ආරක්ෂක ක්‍රම ඇතත් දිගු සංවාද වලදී සම්පූර්ණ ආරක්ෂාවක් නොලැබෙන බව පිළිගෙන තිබෙනවා.
එමෙන්ම ආරක්ෂක ක්‍රම පිළිබඳ සමාලෝචනය සිදුකරන බවද OpenAI සහ සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී සැම් ඇල්ට්මන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.
මෙම නඩුව, AI සහ ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් ඇති කරමින්, AI ආරක්ෂක ක්‍රම වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය පෙන්නුම් කෙරෙන බවයි අවධාරණය කෙරෙන්නේ.