Latest News

මියගිය ඉතාලි කඳු නගින්නාගේ දේහය සෙවීමේ කටයුතුවලට කිර්ගිස්තාන රජයෙන් විශේෂ නියෝගයක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කිර්ගිස්තානය සහ චීනය අතර මායිම් ප්‍රදේශයේ පොබෙඩා කඳු මුදුනේදී (මීටර් 7,439) මියගිය ඉතාලි කඳු නගින්නෙකු වන ලූකා සිනිගග්ලියාගේ දේහය, සෙවීමේ කටයුතු නවත්වා තිබෙනවා.

ඒ කිර්ගිස්තාන රජය මෙහෙයුම සඳහා ලබා දී තිබූ අවසරය අවලංගු කිරීමෙන් පසුවයි.

ඒ අනුව ඊයේ රාත්‍රියේ අවසන් මොහොතේ කිර්ගිස්තාන රජය ඉතාලි ගලවා ගැනීමේ කණ්ඩායමට අවසරය අවලංගු කළ බවයි දැනුම් දී ඇත්තේ.

“මෙහෙයුම අවලංගු කර ඇති බවට මට ආරංචියක් ලැබුණා,” ලෙස කඳු නගින්නෙකු සහ ගවේෂණ සංවිධායක අගොස්ටිනෝ ඩා පොලෙන්සා පවසනවා.

කෙසේවෙතත් ඉතාලියානුවන් මූලික කඳවුර දෙසට ගමන් කර තිබූ අතර, පසුව කිසිඳු පැහැදිලි කිරීමකින් තොරව අවසරය අවලංගු කරන ලද බවයි වාර්තා වන්නේ.

කකුල කැඩී ගිය රුසියානු සගයෙකු බේරා ගැනීමට උත්සාහ කරමින් සිටියදී වැටී මිය ගිය පසු 49 හැවිරිදි මිලානී සිනිගග්ලියා සමාජ මාධ්‍යවල වීරයෙකු ලෙස ප්‍රශංසා කරන ලද අතර කිර්ගිස්තාන රජයේ මෙම නියෝගයත් සමඟ ඔහුව තවදුරටත් සොයා ගැනීමට නොහැකි වනු ඇති.

World News