ලොව ප්‍රමුඛම සහ ප්‍රසිද්ධම සංගීත සේවා සැපයුම්කරු වන Spotify, නව විශේෂාංගයන් සඳහා ආයෝජනය කර තිබෙනවා.
ඒ සමඟ පරිශීලකයින් බිලියන 1ක් ඉලක්ක කරමින් ගාස්තු ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම සමාගමේ සංගීත සේවා සැපයුම්කරුගේ සම-සභාපති සහ ප්‍රධාන ව්‍යාපාර නිලධාරී ඇලෙක්ස් නොර්ස්ට්‍රෝම් විදෙස් මාධ්‍යට පවසා තිබෙන ආකාරයට, මෙම මිල වැඩි කිරීම් සිදුවන්නේ නව සේවා සහ විශේෂාංගයන් සමඟයි.
මේ සම්බන්ධයෙන් Spotify තවමත් සෘජු ප්‍රතිචාරයක් ලබා දී නැහැ.
ඒ අනුව, දකුණු ආසියාව, මැදපෙරදිග, අප්‍රිකාව, යුරෝපය, ලතින් ඇමරිකාව සහ ආසියා-පැසිෆික් කලාපය ඇතුළු වෙළඳපලවල, මාසික ගාස්තු වත්මන් යුරෝ 10.99 සිට යුරෝ 11.99 (ඇමරිකානු ඩොලර් 14.05) දක්වා ඉහළ දමන බව සඳහන්.