Latest News

ඉන්දියාවේ පැරණි මානව ශිෂ්ටාචාර නටඹුන් ඇසුරෙන් මිනිස් හිසක ඩිජිටල් ප්‍රතිනිර්මාණයක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ කොණ්ඩගයි ආශ්‍රිත කැණීම් වලින් සොයාගත් පැරණි මානව ශිෂ්ටාචාර නටබුන් ඇසුරෙන් මිනිස් හිසක් ඩිජිටල් ප්‍රතිනිර්මාණය කර තිබෙනවා.

ඒ මදුරෙයි කාමරාජ් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පර්‍යේෂකයන් විසින්.

ඒ අනුව රසායනාගාරයේ විශේෂඥයින් පරිගණක මෘදුකාංග භාවිත කරමින් හිස් කබලේ ස්කෑන් පරීක්ෂණවලට මාංශ පේශි, මස් සහ සම එකතු කර, ඒවායේ මුහුණේ ලක්ෂණ මතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම එකතු කිරීම් සම්මත මානව ව්‍යුහ විද්‍යාත්මක අනුපාතයන් සහ මිනුම් අනුව නිර්මාණය වී තිබීම විශේෂත්වයක්.

ක්‍රිස්තු පූර්ව 580ට පෙර යුගය, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය මෙන්ම මීට වසර 5,000කට පෙර ලෝක ඉතිහාසය පිළිබඳ මෙම පර්‍යේෂණ හරහා මත පළවෙමින් පවතිනවා.

මෙම සොයාගැනීම් වලින් ඉන්දීය දේශපාලනයේ තීරණාත්මක යුගයක් හා යකඩ යුගයේ ආරම්භය ගැන විවාදාත්මකම තොරතුරු හෙළි කිරීමට මදුරෙයි කාමරාජ් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පර්‍යේෂකයන් සූදානමින් සිටිනවා.

World News

Send your contact Details Today