Latest News

“කජිකි”වියට්නාමය දෙසට පැමිණෙයි – ලක්ෂ 5 කට අධික පිරිසකට තම නිවාස වලින් ඉවත් වීමට නියෝග

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

“කජිකි” චණ්ඩ මාරුතය වියට්නාමය දෙසට ගමන් කිරීමත් සමඟ ලක්ෂ 5 කට අධික පිරිසකට තම නිවාස වලින් ඉවත් වීමට නියෝග කර තිබෙනවා.

සුළි කුණාටුව ගමන් කිරීමත් සමග පැයට කිලෝමීටර 166 ක වේගයෙන් සුළං හැමීම සිදු වන අතර එය තවදුරටත් දරුණු අතට පත්විය හැකි බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් වියට්නාමයේ තන් හෝවා, ක්වාං ට්‍රයි, හියු සහ ඩා නන්ග් යන පළාත්වල පන් ලක්ෂ අසූ දහසක ජනතාවකට තම නිවෙස්වලින් ඉවත් වන ලෙසට නියෝග කර තිබෙනවා.

එමෙන්ම ගුවන් ගමන් අවලංගු කර ඇති අතර බෝට්ටුවලට මුහුදු යාමෙන් වළකින ලෙස ද දැනුම් දී තිබෙනවා.

මේ වනවිට කජිකි කුණාටුව චීනය හරහා ගමන් කිරීම හේතුවෙන් හයිනාන් වෙත මිලිමීටර් 320ක වර්ෂාපතනයක් ඇද හැළී තිබෙනවා.

World News

Send your contact Details Today