Latest News

පාකිස්තාන ක්‍රිකට් ආයතනයෙන්, ක්‍රීඩක කොන්ත්‍රාත්තු ගැන කවුරුත් නොසිතූ තීරණයක් ගනියි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලද පරාජයන් හමුවේ පාකිස්තාන ක්‍රිකට් ආයතනය දැඩී තීරණයක් ගෙන තිබෙනවා.

ඒ 2025 -2026 වසර සඳහා පාකිස්තාන කිසිඳු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට A ශ්‍රේණියේ කොන්ත්‍රාත්තුව ලබා නොදීමටයි.

පසුගිය වසරේදී A කාණ්ඩයේ කොන්ත්‍රාත්තුව හිමිව තිබුණේ බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන්ටයි.

නමුත් මෙම වසරේදී ඔවුන් දෙදනොව B කාණ්ඩය දක්වා පහත දමා තිබෙනවා.

පසුගිය වසරේදී B කාණ්ඩ කොන්ත්‍රාත්තුවේ සිටි පාකිස්තාන ටෙස්ට් නායක ෂාන් මසූඩ්ට D කාණ්ඩය දක්වා පහත දමා තිබෙනවා.

මේ අතර නඩු කටයුත්තක් හේතුවෙන් වසර 8ක් පමණ මධ්‍යම කොන්ත්‍රාත්තුව අහිමිවූ ෆකාර් සමාන්ට මෙම වසරේදී B කාණ්ඩයෙන් කොන්ත්‍රාත්ව හිමිවුණා.

World News

Send your contact Details Today