Latest News

රුසියාවෙන්, යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාවෙන්, යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අතර කුඩා ළමුන් දෙදෙනෙකුද වනවා.

තවද ප්‍රහාරයෙන් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

රුසියාව විසින් යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලකට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයෙන් ගොඩනැගිල්ලේ කොටසක් සම්පූර්ණයෙන් විනාශයට පත්වී මහල් තුනක් ගිනිගත් බවද සඳහන්.

පසුගිය දිනයේ දී රුසියානු ජනපති ව්ලඩ්මියර් පුටින් හා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාම සාකච්ඡා පැවැත්වුණු අතර ඉන් අනතුරුව ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර වොෂින්ටනයේ සාකච්ඡා ද සාර්ථකව පවත්වා අවසන් වීම යන කරුණුද වැඩිදුරටත් මෙම ප්‍රහාරය පිළිබද සියලු දෙනාගේ අවධානය ලැබීමට හේතු වුණා.

කෙසේ නමුත් ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාකච්ඡාවලට පෙර මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today