Latest News

බැටරි නැතිව ඉලෙක්ට්‍රොනික භාණ්ඩ භාවිතා කිරීමට අලුත් තාක්ෂණයක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අභ්‍යන්තර ආලෝකයෙන් බලශක්තිය ලබාගත හැකි නවතම සූර්ය කෝෂ (Solar Cell) තාක්ෂණයක් විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා.

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් මෙම නව සොයාගැනීම සිදුකර ඇති අතර එහි විශේෂත්වය වන්නේ සාමාන්‍ය TV Remote, Wireless
Keyboard, Smoke Alarm වැනි උපකරණවලට බැට‍රි නොමැතිව, අභ්‍යන්තර ආලෝකයන් (Indoor Light) මගින් ක්‍රියාත්මක වීමට හැකි වීමයි.

නව සූර්ය කෝෂය මගින් සාමාන්‍ය ගෘහස්ථ ආලෝකකරණ ශක්තිය මගින් පමණක් ඉලෙක්ට්‍රොනික උපාංගවලට ක්‍රියාත්මක වීමට අවශ්‍ය ශක්තිය සපයනු ලබනවා.

තවද පර්යේෂණ කණ්ඩායම විසින් සූර්ය කෝෂය නිර්මාණය කිරීමට රසායනික වර්ගද යොදාගෙන ඇති අතර අඩුපාඩු අවම සහ දීර්ඝකාලීන ප්‍රයෝජන ලබාගත හැකි පරිදී නිර්මාණය කර ඇති බව වාර්තා වනවා.

නව සූර්ය කෝෂ තාක්ෂණය මඟින් අවුරුදු පහක් පමණ බැටරි නොමැතිව උපකරණ ක්‍රියාත්මක කළ හැකි බව විද්‍යාඥයින්ගේ විශ්වාසයයි.

මෙම සොයාගැනීම Advanced Functional Materials සඟරාවේදී ප්‍රකාශයට පත් කර ඇති අතර, අනාගතයේදී බිලියන ගණනක් වූ උපකරණවල බැටරි අවශ්‍යතාවය අවම කරමින් පරිසරය සුරක්ෂිතතායවයද ලබා දීමට මෙය උපකාරී වන බව සඳහන්.

World News

Send your contact Details Today