Latest News

යුක්‍රේනයට, ට්‍රම්ප්ගෙන් තහනමක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේනයට, නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට ඉඩ ලබා නොදෙන බව අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඒ අනුව යුක්‍රේන ජනාධිපතිවරයාට අවශ්‍ය නම් රුසියාව සමග යුද්ධය අවසන් කළ හැකි බවයි අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ.

එහෙත් සාම ගිවිසුමේ කොටසක් ලෙස නේටෝවට ඇතුළු වීමට ඉඩක් නොදෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ධවල මන්දිරයේදී ට්‍රම්ප් පැවසුවේ 2014 දී රුසියාව නීති විරෝධී ලෙස ඈඳා ගත් ක්‍රිමියානු අර්ධද්වීපය ආපසු ලබා දීමක් සිදු නොවනු ඇති බවයි.

ඇලස්කාවේදී රුසියා නායක ව්ලැඩිමීර් පුටින් සමඟ කළ සාකච්ඡාවෙන් පසුව, අමෙරිකා ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ සටන් විරාමයක් සඳහා වූ ඉල්ලීම අතහැර දමා ස්ථිර සාම ගිවිසුමක් තමන් ඉල්ලා සිටි බවයි.

එමෙන්ම යුක්‍රේනය, නේටෝ සන්ධානයට එක්වීමේ අදහසට රුසියානු ජනාධිපතිවරයා ද දැඩි ලෙස විරුද්ධ වී තිබෙනවා.

World News

Send your contact Details Today