Latest News

ශ්‍රී ලංකාවේ කෞතුකාගාර විවෘතව තැබෙන වේලාවන්වල වෙනසක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් සියලුම කෞතුකාගාර සතියේ සෑම සඳුදා දිනකම නඩත්තු කටයුතු සඳහා වසා තැබෙන බැවින් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරනු නොලබන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

රජයේ නිවාඩු දින අතරින් ජාතික නිදහස් දිනය, සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩු දින 02ක්, කම්කරු දිනය හා වෙසක් පොහෝ දිනය යන දිනයන්හි කෞතුකාගාර වසා තැබෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කොළඹ ජාතික කෞතුකාගාරය හා ජාතික ස්වාභාවික විද්‍යා කෞතුකාගාරය විවෘතව තබන වේලාව පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා විවෘතව තබන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

අනෙනකුත් කෞතුකාගාර පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා විවෘතව තබන බවත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම පස්වරු 4 අවසන් කරන බවත් එම දෙපාර්තේම්න්තුව වැඩිදුරටත් සඳහන් කළා.

World News

Send your contact Details Today