Latest News

ගාසා තීරයේ ඇතිව තිබෙන මන්දපෝෂණය නිසා අහිමි වන ජීවිත ගණන තවත් ඉහළට

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ ඇතිව තිබෙන මන්දපෝෂණය නිසා තවත් 11 දෙනෙකුට ජීවිත අහිමි වී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා ගාසා තීරයේ මන්දපෝෂණය ආශ්‍රිතව මරණ සංඛ්‍යාව 212ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මරණවලින් 98 දෙනෙකු ළමුන් ලෙසයි සටහන්ව ඇත්තේ.

මේ අතර පසුගිය පැය 24 තුළ ඊශ්‍රායලය විසින් සිදු කරන ලද හමුදා ක්‍රියාකාරකම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 38 දෙනෙකු මිය ගොස් 491ක් තුවාල ලබා තිබෙනවා.

ගාසා තීරයේ රඳවා තිබෙන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයින් මේ සම්බන්ධව රජයට දැඩි විරෝධයක්ද එල්ල කර ඇති අතර, එමගින් ඔවුන් චෝදනා කර ඇත්තේ ඊශ්‍රායල රජය ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත අනතුරේ හෙළන බවටයි.

World News

Send your contact Details Today