Latest News

ජපන් ජාතිකයින් එරටින් වඳ වෙන ලකුණු ගැන නවතම අනාවරණයක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපානයේ සිදු කළ ජනගහන සමීක්ෂණයකින් 2024 වසරේ එරට උපත් සංඛ්‍යාවට වඩා මරණ සංඛ්‍යාව ඉහළ බව වාර්තා වී තිබෙනවා.

මෙම සංගණන වාර්තා වලට අනුව 1968 සිට මේ දක්වා ජනගහනය අතිශයින් පහළ බැසීමක් දක්නට හැකි වුණ බව සඳහන්.

රටේ දරු උපත් ගණන වැඩි කිරීම සදහා රජය මගින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කලද ඒ කිසිවක් සාර්ථක නොවූ බවයි පෙනී යන්නේ.

ජපාන අභ්‍යන්තර කටයුතු සහ සන්නිවේදන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නවතම දත්තවලට අනුව, 2024 දී සැබෑ ජපන් ජාතිකයන්ගේ උපත් සංඛ්‍යාව ලක්ෂ 9කින් (908,574) පමණ අඩුවී තිබෙනවා.

එම වසරේ දී ජපාන ජනගහනයෙන් මිලියන 1.6ක පිරිසක් මියගොස් ඇති අතර, ඊට සාපේක්ෂව උපත් සිදුව ඇත්තේ 686,061ක් ලෙසයි.

ඒ අනුව ජපානයේ සැබෑ ජපන් වැසියන් දාව උපත ලබන සෑම ළදරුවෙකුටම සාපේක්ෂව දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මේ අතර මෙලෙස ජපානයේ දේශීය ජනතාවගේ ජනගහනය පහත වැටී ඇත්තේ අඛණ්ඩ 16 වන වසරට බව සමීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.

කෙසේ වෙතත් මෙම වසරේ ජනවාරි 1 වනදා වනවිට ජපානයේ සිටින විදේශීය පදිංචිකරුවන්ගේ සංඛ්‍යාව මිලියන 3.6ක් දක්වා වාර්තාගත ඉහළම අගයකට ළඟා වී තිබෙනවා.

ඔවුන් මේ වනවිට ජපාන ජනගහනයෙන් 3%කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරනවා.

2023 වසර ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ජපාන සමස්ත ජනගහනයෙන් ජපන් මව් ජාතිය 0.44%කින් අඩු වී තිබෙනවා.

එමෙන්ම ජපාන ජනගහනයෙන් 30%ක් වයස අවුරුදු 65 සහ ඊට වැඩි වැඩිහිටි පුද්ගලයින් සිටින අතර, එය ලෝක බැංකු දත්ත අනුව මොනකෝ රාජ්‍යයෙන් පසු ලොව දෙවන ඉහළම වයස්ගත ජනගහන අනුපාතය වනවා.

මේ වනවිට ජපාන සමස්ත ජනගහනය මිලියන 124.3ක් ලෙස දැක්වෙනවා.

World News

Send your contact Details Today