Latest News

කොළඹ වරායේ සිදු වූ හදිසි අනතුරකින් රියැදුරෙකු ජිවිතක්ෂයට

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොළඹ වරාය බහාලුම් අංගනයේදී බහාලුමක් ප්‍රයිම් මූවර් රථය මතට වැටීමෙන් සිදුවූ අනතුරකින් ප්‍රයිම් මූවර් රථයේ සිටි රියදුරු මිය ගොස් තිබෙනවා.

කොළඹ වරාය බහාලුම් අංගනයේදී ප්‍රයිම් මූවර් රථයකට බහාලුමක් පැටවීමට යාමේදී එම බහාලුම තවත් බහාලුමක ගැටී එය මෙලෙස ප්‍රයිම් මූවර් රථය මතට වැටී තිබෙන බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (08) සිදුවූ මෙම අනතුරින් ප්‍රයිම් මූවර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවයි

මරණකරු වයස අවුරුදු 36ක් වූ දැදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බහාලුම පැටවීම සිදු කරමින් සිටි යන්ත්‍ර ක්‍රියාකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

World News

Send your contact Details Today