Latest News

SL Presidential Election 2024: තැපැල් ඡන්ද විමසීමට අදාළ දින ප්‍රකාශයට

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත්කරන දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑලට භාරදීම 2024.08.26 වන දා සිදුකරන බවයි එම කොමිසම පැවසුවේ.

තැපැල් සලකුණු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා වෙන්කර ඇත්තේ සැප්තැම්බර් 4 වනදායී.

මේ අතර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඉල්ලා ඇති අනෙක් පාර්ශව සඳහා සැප්තැම්බර් මස 5 හා 6 යන දින දෙක වෙන්කර තිබෙනවා.

සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා නැවත ලබාදෙන ලකුණු කිරීමේ දිනය සැප්තැම්බර් මස 11 සහ 12 යන දින වෙන්කර තිබෙනවා.

මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (14) දහවල් 12න් අවසන් කිරීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, මේ වන විට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට පුද්ගලයින් 36 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

පිළිගත් දේශපාලන පක්ෂ පක්ෂ 19ක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් ඒ අතර වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

ස්වාධීන අපේක්ෂකයින් ලෙස පුද්ගලයින් 16 දෙනෙකු ද ඉදිරි ජනාධිපතිවරණය සඳහා මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම හෙට (15) පෙරවරු 9ට ආරම්භ කිරීමට නියමිත එදින අතර පෙරවරු 11 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුකිරීමට නියමිතයි.

නාමයෝජනා භාරගන්නා දිනයේ දී මැතිවරණ කාර්යාලය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා සඳහන් කළා.

World News