Latest News

මෝදිගේ තුන්කොන් ප්‍රේමයට එල්ලවන චෝදනාවලට උත්තර දෙයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ අමෙරිකාව එල්ල කරන චෝදනා අසාධාරණ බවයි.

ඉන්දියාව විසින් රුසියාවෙන් ආනයනය කරනු ලබන්නේ අවශ්‍යතාවය මත පමණක් වන අතර ඉන්දියානු පාරිභෝගිකයින් සඳහා පුරෝකථනය කළ හැකි සහ දැරිය හැකි බලශක්ති පිරිවැය සහතික කිරීම එහි අරමුණ බව ද එම අමාත්‍යංශය පෙන්වා දී තිබෙනවා.

එබැවින් අමෙරිකාව විසින් ඉන්දියාවේ වෙළඳ ප්‍රතිපත්තිය විවේචනය අසාධාරණ බවයි ඉන්දීය විදේශ අමාත්‍යංශය පවසන්නේ.

ඉන්දියාව සිය ජාතික අවශ්‍යතා සහ ආර්ථික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද එම අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැහැදිලි කර තිබුණේ, යුක්රේනයේ ගැටුම ආරම්භ වීමෙන් පසු සාම්ප්‍රදායික සැපයුම් දාමයේ බාධා කිරීම් හේතුවෙන් රුසියාවෙන් ඉන්දියාව බොරතෙල් ආනයනය කිරීමට හේතු වූ බවයි.

World News

Send your contact Details Today