Latest News

විරෝධතාවක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සුප්‍රකට වරාය පාලම වැසෙයි (VIDEO)

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පලස්තීනයට සහාය දක්වමින් ලක්ෂයකට වැඩි පිරිසක් එක්ව පැවැත්වූ විරෝධතාවක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සුප්‍රකට වරාය පාලම වසා දැමීමට එරට බලධාරීන්ට සිදු වී තිබෙනවා.

එහිදී ඔවුන් බලකර සිටියේ ගාසා තීරයේ සාමය උදාකරමින්, ඒ වෙත මානුෂීය ආධාර යැවීමට කටයුතු කරන ලෙසයි.

මනුෂ්‍යත්වය වෙනුවෙන් වූ පාගමන ලෙස නම් කළ මේ දැවැන්ත විරෝධතාවට එක්වූවන් වළං ද රැගෙන එක්ව සිටියේ කුසගින්න සිහිකරමින් වීම විශේෂත්වයක්.

වැසි මැද පැවති මේ විරෝධතාවට විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් ඇසෑන්ජ් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

World News

Send your contact Details Today