Latest News

සුනාමි උදම් රළ රටවල් කිහිපයකට පහර දෙයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාවේ, කැම්චට්කා අර්ධද්වීපය ආශ්‍රිත සාගරයේ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් ජපානයේ හොක්කයිඩෝ ප්‍රාන්තයේ උතුරු සහ ඊසානදිග ප්‍රදේශවල සුනාමි රළ ඇති වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සෙන්ටිමීටර 30ක් පමණ උසට එම සුනාමි රළ ඇතිවූ බවයි.

මේ හේතුවෙන් එරට වෙරළබඩ කලාපයේ විශාල ප්‍රදේශයක සිටින ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

රුසියාවේ කැම්චට්කා අර්ධද්වීපය ආශ්‍රිත සාගරයේ මැග්නිටියුඩ් ඒකක 8.8ක ප්‍රභල භූ කම්පනයක් අද (30) උදෑසන ඇතිවුණා.

ඒ හේතුවෙන් මේ වනවිට අම‍ෙරිකාවේ බටහිර වෙරළ තීරයට, ඇලස්කා ප්‍රාන්තයේ ඇලුෂන් දූපත්වලට, හවායි සහ ගුවාම් දූපත්වලට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

රුසියාවේ ද කැම්චට්කා අර්ධද්වීපයේ වෙරළබඩ ප්‍රදේශවලට මීටර 4ක් පමණ උසකින් යුතු සුනාමි රළ හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

World News

Send your contact Details Today