වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනමකට YouTube ඇතුළත් කළහොත් ඕස්ට්‍රේලියානු රජයට එරෙහිව නඩු පවරන බවට Google තර්ජනය කර තිබෙනවා.
The Daily Telegraph විසින් කරන ලද වාර්තාවකට අනුව Google විසින් සන්නිවේදන අමාත්‍ය අනිකා වෙල්ස් වෙත ලියිපයකින් මේ බව දැනුම්දී ඇති බව සඳහන්.
එහි දක්වා ඇත්තේ රජයේ සමාජ මාධ්‍ය වෙනස්කම්වලට YouTube ඇතුළත් කළහොත් Google සමාගම විසින් සිය නීතිමය ස්ථාවරය සලකා බලන බවයි.
ඔස්ට්‍රේලියානු රජය මීට පෙර නිවේදනය කළේ අවුරුදු 16 ට දරුවන්ට ලබන දෙසැම්බර් සිට සමාජ මාධ්‍ය තහනම් කරන නමුත් YouTube නීතිරීතිවලින් නිදහස් කරන බවයි.
කෙසේවෙතත් ඕස්ට්‍රේලියාවේ eSafety කොමසාරිස් ජූලි ඉන්මන් ග්‍රාන්ට් තර්ක කළේ දරුවන්ට සිදුවන හානිය අවම කිරීමේ අරමුණ වෙනුවෙන් YouTube වෙබ් අඩවියද තහනමට ඇතුළත් කළ යුතු බවයි.
YouTube හරහා දරුවන්ට බොහෝ අධ්‍යාපනික දැනුම ලබාදෙන බව ග්‍රාන්ට් පිළිගත් අතර කෙසේවෙතත් සන්නිවේදන අමාත්‍යවරයා ඔහුගේ ඉල්ලීම්වලට කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැහැ.
YouTube තහනම් කිරීම දේශපාලන නිදහස සීමා කරන බවට Google තර්කකරන අතර තහනම මගින් අවුරුදු 16 ට අඩු ළමයින්ට වීඩියෝ පළ කිරීමෙන් සහ අදහස් දැක්වීමෙන් දේශපාලන කතිකාවන්ට දායක වීම වළක්වනු ඇතැයි ඔවුන් කියා සිටිනවා.
තාක්ෂණික දැවැන්තයා පවසන්නේ YouTube සමාජ මාධ්‍ය වෙබ් අඩවියකට වඩා වීඩියෝ streaming platform එකක් වන නමුත් රජය විසින් ඉදිරි සතිවලදී තහනමට ලක්වන සමාජ මාධ්‍ය පිළිබඳ දැනුම්දෙනු ඇති බවයි වාර්තා වන්නේ.