Latest News

තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයකට එයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයක් සඳහා එකඟ වූ බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු සඳහන් කළේ, දෙරටේ නායකයින් සමග පැවැත්වූ දුරකතන සංවාදවලදී ඒ පිළිබඳ එකඟතාවකට පැමිණි බවයි.

දෙරටේ නායකයින් නුදුරු දිනකදී හමුවීමටත් එහිදී එකඟතාවකට පැමිණ තිබෙනවා.

සටන් විරාමයකට එකඟ නොවුණහොත්, අතර සමග වෙළෙඳ ගිවිසුම් අත්හිටුවන බවට ද අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු ඇඟවීම් නිකුත් කළා.

තායිලන්ත – කාම්බෝජ ගැටුම් ආරම්භ වී අදට දින, 4 ක්.

ඒ හේතුවෙන් පුද්ගලයින් 33 දෙනෙකු මියගොස් තිබෙනවා.

මේ අතර තායිලන්ත – කාම්බෝජ දේශසීමා ගැටුම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (26) හදිසි රැස්වීමක් ද කැඳවා තිබුණා.

World News

Send your contact Details Today