Latest News

තායිලන්තය සහ කාම්බෝජය තවත් විශාල යුද්ධයක පෙර නිමිති පෙන්වයි

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තායිලන්තය සහ කාම්බෝජය අතර දේශ සීමාවේ ගැටුමක් හටගෙන තිබෙනවා.

කාම්බෝජය විසින් තායිලන්තයේ ගම්මානයකට රොකට් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

එම ප්‍රහාරවලින් තායිලන්ත වැසියන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවද විදේශ මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

මෙම සිද්ධියෙන් පසු තායිලන්ත – කාම්බෝජ දේශසීමා වසා දැමීමට තායිලන්ත බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මෙම ගැටුම් හේතුවෙන් කාම්බෝජයේ සිටින තායිලන්ත ජාතිකයන්ට හැකි ඉක්මනින් පිටව යන ලෙස දැනුම්දීමක් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

World News

Send your contact Details Today