Latest News

ගාසා තීරයේ සාමාන්‍ය වැසියන් ගැන බ්‍රිතාන්‍ය හා තවත් රටවල් 27කින් නිවේදනයක්

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ ආධාර ලබාගැනීමට පැමිණෙන සාමාන්‍ය වැසියන් ඊශ්‍රායලය අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳ බ්‍රිතාන්‍ය හා තවත් රටවල් 27ක් හෙළාදැක තිබෙනවා.

ගාසා තීරයේ සිදුකෙරෙන යුද මෙහෙයුම් ඊශ්‍රායලය වහාම අත්හිටවිය යුතු බවයි බ්‍රිතාන්‍ය නිවේදනය කරන්නේ.

ගාසා තීරයේ පලස්තීන සාමාන්‍ය වැසියන් දිනෙන් දින සාගත තත්ත්වයකට ඇදවැටෙමින් පවතින අතර ඔවුන්ට සහන සැලසීමට කටයුතු කළ යුතු බවද බ්‍රිතාන්‍ය පවසනවා.

ඊශ්‍රායලයේ ආධාර බෙදාදීමේ වැඩපිළිවෙළ ඉතා භයානක මට්ටමේ වැඩපිළිවෙළක් බවයි බ්‍රිතාන්‍ය ඇතුළු තවත් රටවල් 27ක් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඊශ්‍රායලය අමානුෂීය ආකාරයෙන් ගාසා තීරය තුළ මනුෂ්‍ය ඝාතනයන් සිදුරන බවට ද එම නිවේදනය මගින් චෝදනා කර තිබෙනවා.

ආධාර ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටි සියයකට අධික පිරිසක් පසුගිය දින කිහිපය තුළදී ඊශ්‍රායල වෙඩි ප්‍රහාරයන්ගෙන් ජීවිතක්ෂයට පත්වූ අතර මන්දපෝෂණය හේතුවෙන් තවත් 19 දෙනෙකුට ජීවිත අහිමි වුණා.

World News

Send your contact Details Today