Latest News

පුද්ගලයින් තිදෙනෙකුගේ DNA භාවිත කරමින්, ළදරුවන් අට දෙනෙකුට උපත ලබා දෙයි

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් රාජධානියේ පුද්ගලයින් තිදෙනෙකුගේ DNA භාවිත කරමින්, ළදරුවන් අට දෙනෙකු උපත ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එක්සත් රාජධානියේ විද්‍යාඥයින් විසින් මෙම ක්‍රමය ආරම්භ කර ඇති අතර මවකගේ සහ පියෙකුගේ ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් පරිත්‍යාගශීලි කාන්තාවකගේ දෙවන ඩිම්බයක් සමග ඒකාබද්ධ කිරීමට කටයුතු කරනවා.

එහිදී පවුල් 22 ක් මෙම ක්‍රියාවලිය හරහා දරුවන් බිහි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එහි ප්‍රතිඵලයක් ලෙස පිරිමි දරුවන් හතර දෙනෙකු සහ ගැහැණු දරුවන් හතර දෙනෙකු උපත ලැබූ අතර, ඒ අතර නිවුන් දරුවන් යුගලයක් ද සිටිනවා.

ත්‍රිපුද්ගල තාක්‍ෂණය හරහා උපදින දරුවන්ට ඔවුන්ගේ DNAවලින් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ ඔවුන්ගේ මව්පියන් දෙදෙනාගෙන් වන අතර 0.1% ක් පමණ තුන්වන පරිත්‍යාගශීලී කාන්තාවකගෙන් ලබා ගන්නවා.

මෙම තාක්‍ෂණය විනාශකාරී මයිටොකොන්ඩ්‍රියල් රෝගවලට ගොදුරු වූ දරුවන් ඉපදීම වැළැක්වීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් වනවා.

මයිටොකොන්ඩ්‍රියා යනු, ශරීරයේ සෑම සෛලයකම පාහේ ඇති කුඩා මැදිරි වන අතර ඒවා මගින් ආහාර, ශක්තිය බවට පරිවර්තනය කිරීම සිදුකරනු ලබනවා.

මයිටොකොන්ඩ්‍රියා රෝග සුව කළ නොහැකි අතර උපතින් දින කිහිපයක් හෝ පැය කිහිපයක් ඇතුළත මාරාන්තික විය හැකි බවයි වෛදවරු පවසන්නේ.

දෝශ සහිත මයිටොකොන්ඩ්‍රියා හේතුවෙන් සිරුරට ශක්තිය ලබාදීම අපොහොසත් කරවන අතර එමගින් මොළයට හානිවීම, මාංශ පේෂි ක්ෂයවීම, හෘදයාබාධ හා අන්ධභාවයට පත්වීම සිදුවෙනවා.

World News

Send your contact Details Today