Latest News

භික්ෂූන් සමඟ ලිංගික ක්‍රියාවල නිරත වෙමින් ගත් වීඩියෝ පෙන්වමින් මුදල් ගත් කතක් අත්අඩංගුවට

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

භික්ෂූන් වහන්සේලා සමඟ ලිංගික සබඳතා පවත්වා ඒවා ඡායාරූපගත කර සහ රූගත කර, පසුව ඔවුන්ගෙන් කප්පම් ලබා ගත් බව කියන කාන්තාවක් තායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

“මිස් ගොල්ෆ්” ලෙස හඳුන්වන මෙම කාන්තාව අවම වශයෙන් භික්ෂූන් වහන්සේලා නව දෙනෙකු සමග ලිංගිකව හැසිරී ඇති බව අඟහරුවාදා (ජූනි 15) පැවති මාධ්‍ය හමුවකදී පොලිසිය පැවසුවා.

පසුගිය වසර තුන තුළ ඇය බාට් මිලියන 385ක් එනම් අමෙරිකානු ඩොලර් මිලියන 11.9ක් පමණ එලෙස උපයා තිබෙන බවයි ඔවුන් විශ්වාස කරන්නේ.

ඇයගේ නිවස පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් භික්ෂූන් වහන්සේලාට තර්ජනය කිරීමට යොදාගත් ඡායාරූප සහ වීඩියෝ 80,000කට අධික ගණනක් සොයාගෙන තිබෙනවා.

මෙම අපකීර්තිමත් සිදුවීම තායිලන්තයේ අතිශයින් ගෞරවයට පාත්‍ර වන සංඝ සමාජය කැළඹීමට ලක් කර ඇති අතර, පසුගිය වසර කිහිපය තුළ භික්ෂූන් වහන්සේලා ලිංගික අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන බවට ද චෝදනා එල්ල වී තිබෙනවා.

බැංකොක්හි විහාරාධිපති භික්ෂුවක් කාන්තාවක විසින් කප්පම් ගනු ලැබීමේ සිද්ධියකින් පසු උපැවිදි වී තිබුණු අතර, ජූනි මස මැද භාගයේදී මෙම සිදුවීම සම්බන්ධයෙන් මුල් වරට තම අවධානයට ලක්වූ බවයි පොලිසිය පවසන්නේ.

World News

Send your contact Details Today