Latest News

හෙට දිනයේ සංගීතයමය බලාපොරොත්තුව අද දිනයේ ගිනිගෙන අළුවෙයි (VIDEO)

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බෙල්ජියමේ පැවැත්වීමට නියමිතව තිබූ 2025 ටුමෝරෝලෑන්ඩ් (Tomorrowland) සංගීත ප්‍රශංගයේ වේදිකාවේ ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ප්‍රසංගය ආරම්භවීමට දින දෙකකට පෙර හටගත් මෙම ගින්නෙන් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.

මෙම ගින්නෙන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ අතර එහි සංවිධායකයින් පවසන්නේ ඇතිවූ ගින්නක් හේතුවෙන් ටුමෝරෝලන්ඩ් ප්‍රධාන වේදිකාවට දැඩි හානි සිදුවී ඇති බවයි.

ගින්න ඇති වන අවස්ථාවේ උත්සවයට සහභාගී වූවන් කිසිවෙකු එහි නොසිටි නමුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් 1,000ක් පමණ පැමිණ සිටි ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔවුන්ව වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම සංගීත ප්‍රසංගය හෙට (18) දින ඇන්ට්වර්ප් නගරයට දකුණින් පිහිටි බූම් නගරයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ අතර, එය සති අන්ත දෙකක් පුරා පැවැත්වීමටයි සැලසුම්කර තිබුණේ.

මීට ප්‍රේක්ෂකයින් 400,000ක් පමණ පිරිසක් සහභාගී වෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටියා.

කෙසේ වෙතත් ටුමෝරෝලෑන්ඩ් සංවිධායකයින් සඳහන් කරන්නේ ප්‍රසංගය පැවැත්වීම සඳහා විසඳුම් සොයමින් සිටින බවයි.

World News

Send your contact Details Today