Latest News

රෙගේ යුවරජු, ඇල්ෆා බ්ලොන්ඩි ශ්‍රී ලංකාවේ ප්‍රසංගයකට (PHOTOS)

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝකයේ ජනප්‍රිය රෙගේ සම්ප්‍රදායේ සංගීතඥයෙකු වන ඇල්ෆා බ්ලොන්ඩි අද (16) දින අලුයම ශ්‍රී ලංකාවේ ප්‍රසංගයක් පැවැත්වීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

බොබ් මාලේගෙන් පසුව රෙගේ සම්ප්‍රදාය අනුගමනය කරමින් සිටින ලෝකයේ අතිශය ජනප්‍රිය සංගීතඥයා ඇල්ෆා බ්ලොන්ඩි ලෙසයි සැලකෙන්නේ.

ඔහු සිය පවුලේ සාමාජිකයන් සිව් දෙනෙකු ද සමග අද අලුයම 02.50 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ EY – 394 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇල්ෆා බ්ලොන්ඩි එළඹෙන 19 වැනි දින සවස කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගනයේ දී සංගීත‍ ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතයි.

ඇල්ෆා බ්ලොන්ඩි සංගීතඥයා ඇතුළු පිරිස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විසින් උසස් අන්දමින් කටුනායක ගුවන් තොටුපොළේ දී පිළිගනු ලැබුවා.

World News

Send your contact Details Today