Latest News

ඉන්දුනීසියානු බෝට්ටුවක් අනතුරකට ලක්වෙයි – 18ක් අතුරුදන්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා පළාතේ මෙන්ටවායි දූපත් අසල බෝට්ටුවක් පෙරළී ගොස් තිබෙනවා.

ඊයේ පස්වරුවේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් බෝට්ටුව පෙරළී මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරු සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ 18 දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් 10 දෙනෙකු එරට රාජ්‍ය නිලධාරීන් පිරිසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අතුරුදන් වූ පුද්ගලයින් සොයා එරට ගලවා ගැනීමේ කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් සිදු කරනවා.

World News

Send your contact Details Today