Latest News

ලොවින් වඳ වී ගොස් යැයි සැක කළ උඩවැඩියා විශේෂයක් නකල්ස් වලින් මතුවෙයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොවින් වඳව ගොස් ඇති බවට සැක කළ Orchidaceae පවුලට අයත් ශ්‍රී ලංකාවට ආවේණික උඩවැඩියා විශේෂයක් වන Vanda thwaitesii නම් ශාක විශේෂය වසර 160කට පසු නකල්ස් ප්‍රදේශයෙන් නැවත සොයාගෙන තිබෙනවා.

පර්යේෂක භාතිය ගොපල්ලව මහතා ඇතුළු පර් පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම සොයා ගැනීම සිදුකර ඇති අතර ඊට සම්බන්ධව පර්යේෂණ පත්‍රිකාව බ්‍රිතාන්‍යයේ Kew උද්‍යානයේ නිල සඟරාවක් වන Kew Bulletin කියන සඟරාවේ මේ වනවිට පළ කර තිබෙනවා.

මෙම ශාක විශේෂය මුල් වරට Vanda thwaitesii යන නමින් 1898 දී JD Hooker විසින් Henry Trimen විසින් රචිත The handbook to the flora of Ceylon හි 4 වෙනි වෙළුම යටතේ වාර්තා කර තිබුණා.

කෙසේවුවද ඊට පෙර මෙම ශාකයම 1861 දී Henry Thwaites විසින් Aerides tesellata නමින් චිත්‍ර පදනම් කරගෙන නම් කර තිබුණද, එම Aerides tesellata යන නම Vanda tesellata වලට ඉන් පෙර යොදාගෙන තිබීම හේතුවෙන් JD Hooker, Henry Thwaites ගේ නමින් Vanda thwaitesii 1898 දී නැවත නම් කර තිබුණා.

මේ අතර නව ශාක විශේෂයක් ලෙස නම් කළද කිසිඳු නිදර්ශකයක් මෙම ශාක විශේෂය සම්බන්ධයෙන් තැන් පත් කර නොතිබූ බැවින් 1861 න් පසු 2021 වන තුරුම මෙහි කිසිඳු වාර්තාවක් සඳහන් නොවීම හේතුවෙන් වඳවූ ශාකයක් ලෙස මූලාශ්‍ර කිහිපයකම සඳහන් කර තිබූ බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

World News

Send your contact Details Today