Latest News

Google Search වෙත පිවිසීමේදී ඉදිරියේ දී වයස තහවුරු කිරීමට සිදුවෙයි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හානිකර තත්වයන් මර්දනය කිරීමේ අරමුණින්, ඕස්ට්‍රේලියානුවන්ට ඉදිරියේදී Google Search වෙත පිවිසීමේදී ඔවුන්ගේ වයස තහවුරු කිරීමට සිදු වනවා.

වසර අවසන් වීමට පෙර මෙය ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඕස්ට්‍රේලියාවේ eSafety කොමසාරිස් විසින් දැනට සකස් කරනු ලබන ප්‍රමිතීන් යටතේ පරිශීලකයින්ගේ වයස් සත්‍යාපනය ප්‍රධාන ප්‍රමුඛතාවයක් ලබා දී තිබෙනවා.

පසුගිය සතියේ මීට අදාළ කෙටුම්පත් අනුමත වූ අතර ඒවා උල්ලංඝනය කිරීම් වලට එරෙහිව ක්‍රියාමාර්ගද ගනු ඇති.

එහිදී රජයෙන් නිකුත් කළ හැඳුනුම්පතක් , Face Scan කිරීම වැනි තොරතුරු ඉල්ලීම් කිරීමටද සිදු විය හැකි බවයි RMIT විශ්ව විද්‍යාලයේ තොරතුරු විද්‍යා මහාචාර්ය ලීසා ගිවන් සඳහන් කළේ.

ඒ අනුව මේ සම්බන්ධ තොරතුරු ඉදිරියේදී දැනුම් දීමට බලධාරීන් සැලසුම් කර තිබෙනවා.

World News