ඉහළ යන උෂ්ණත්වයට මුහුණදීම සඳහා ඇෆ්ගනිස්තානයේ කුලී රථ රියදුරන් අපූරු මෙවලමක් තම මෝටර් රථ සඳහා සවිකර තිබෙනවා.
ඇෆ්ගනිස්තානයේ කන්දහාර් නගරයේ උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.
තම පැරණි මෝටර් රථවල වායු සමීකරණ ක්රියාත්මක නොවීම හේතුවෙන් නව මෙවලමක් මෝටර් රථවලට සවි කිරීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.
ඔවුන්ම නිෂ්පාදනය කර ගන්නා මෙම මෙවලම හරහා මෝටර් රථය තුළ උෂ්ණත්වය අවම කර ගැනීමට හැකියාව ලැබී ඇති බවයි ඔවුන් පවසන්නේ.
එමෙන්ම එය මෝටර් රථ තුළ පවත්නා වායු සමීකරණයන්ට වඩා හොඳින් ක්රියා කරන බව ද කුලී රථ රියදුරන් පවසනවා.