Latest News

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඇල් ගී විශේෂයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගැනීමට ඇල්ගී විශේෂයක් භාවිතා කරන ප්‍රතිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා.

මෙම ඇල්ගී මඟින් මාංශ පේශි පටක සහ සෛල වර්ධනය කිරීම වේගවත් වන බවයි සමික්ෂණ කණ්ඩායම අනාවරණය කර තිබෙන්නේ.

ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ Institute of Molecular Biology මඟින් මීට අදාළ සායනික අත්හදා බැලීම් මේ වනවිට සිදු කරමින් පවතිනවා.

එම ව්‍යාපෘතියට නායකත්වය දෙන Dr. Melanie Oi පවසන්නේ ඇල්ගී මඟින් පිළිස්සුම් තුවාල සුව කිරීමේදී විශාල කාර්යක් ඉටු කරන බවයි.

මෙම ප්‍රතිකාර සංවර්ධනය කිරීම සඳහා එම වෛද්‍යවරිය වසර හතරක් අත්හදා බැලීම් සිදුකර තිබෙනවා.

එම පර්යේෂණ සාර්ථක වුවහොත්, පිළිස්සුම් තුවාල සිදුවන දහස් ගණනකට ඉක්මන් හා වඩා ලාභදායීව ප්‍රතිකාර ලබාගත හැකි වනවා.

World News

Send your contact Details Today