Latest News

රාජ්‍ය විරෝධී රෝධතාකරුවන් ගැන කෙන්යාවේ ජනාධිපති ගත් තීරණය මෙන්න

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සඳහා සහභාගී වී සිටින විරෝධතාකරුවන්ගේ පාදවලට වෙඩිතබන ලෙස කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝ පොලිසියට නියෝග ක‍ර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගේ මෙම නියෝගය දැඩි ආන්දෝලනාත්මක තත්වයක් උද්ගත කර ඇති අතර, අන්තර්ජාතික මානව හිමිකම් කණ්ඩායම් ඒ සඳහා දැඩි විරෝධය පළකර තිබෙනවා.

එමෙන්ම කෙන්යාවේ පවතින මෑත කාලීන රාජ්‍ය විරෝධී විරෝධතා රැල්ලේදී පොලිසිය අධික බලය භාවිත කළ බවට එක්සත් ජාතීන් සහ මානව හිමිකම් කණ්ඩායම් චෝදනා කරනවා.

මෙම චෝදනා එල්ල වන්නේ, විරෝධතා අතරතුර ඉකුත් සඳුදා පුද්ගලයන් 31 දෙනෙකු මියගිය බවට පළ වන මාධ්‍ය වාර්තා මධ්‍යයේ වීම විශේෂත්වයක්.

“තවත් පුද්ගලයකුගේ ව්‍යාපාරයක් හෝ දේපලක් ගිනිතබා අසු වුවහොත් කකුළට වෙඩිතබා රෝහල්ගත කර පසුව උසාවියට ​​ගෙන යා යුතුයි. ඔවුන්ව මරන්න එපා, නමුත් ඔවුන්ගේ කකුල් කැඩී ඇති බවට වගබලා ගන්න,” යනුවෙන් කෙන්යාවේ ජනාධිපතිවරයා පවසා තිබෙන බව ද සඳහන්.

ප්‍රචණ්ඩ විරෝධතාවලට අනුග්‍රහය දැක්වීමට එරෙහිව ඔහු තම දේශපාලන ප්‍රතිවාදීන්ට තවදුරටත් අනතුරු අගවා ඇති අතර, ජනාධිපතිවරයා චෝදනා කරන්නේ එම පිරිස් තමන්ව බලහත්කාරයෙන් බලයෙන් පහකිරීමට නීතිවිරෝධී ක්‍රම භාවිත කරන බවයි.

මරණ 31ට අමතරව, නයිරෝබි අගනුවරට සහ අනෙකුත් ප්‍රධාන නගරවලට පහරදුන් විරෝධතාවලදී පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

තවත් 532 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව කෙන්යාවේ මානව හිමිකම් පිළිබඳ ජාතික කොමිසම සඳහන් කරනවා.

World News

Send your contact Details Today