Latest News

අමරිකා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ට්‍රම්ප්ට ලැබුණු විශේෂ අවසරය

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයට රජයේ රැකියා කප්පාදුවක් සහ ආයතන ගණනාවක සේවකයන් විශාල ලෙස අඩු කිරීම සඳහා අමරිකා ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අවසර ලබා දුන්නා.

ට්‍රම්ප් පසුගිය පෙබරවාරි මාසයේ දී නිකුත් කළ විධායක නියෝගයකට අනුව මෙම රැකියා කප්පාදුව සිදු කිරීමට නියමිතව තිබුණා.

එහෙත් එය අභියෝගයට ලක්කරමිනුයි නඩු පැවරුණේ.

මේ අනුව අමරිකා කෘෂිකර්ම, වාණිජ, සෞඛ්‍ය සහ මානව සේවා, රාජ්‍ය, භාණ්ඩාගාරය, හා තවත් ආයතන ගණනාවක කාර්ය මණ්ඩලය අඩු කිරීමට ට්‍රම්ප් පරිපාලනය සැලසුම් ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් එම ආයතනවල වෘත්තීය සමිති වල මතය ද මෙම නියෝග ක්‍රියාත්මක කිරීමේදී සැලකිල්ලට ගත යුතු බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

මත විමසුම් වලට අනුව 40% ක් පිරිස මෙම තීරණයට විරෝධය පළකර ඇති බව ද සඳහන්.

World News

Send your contact Details Today